වාහන සොරකම් කර වෙනස් කර විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් අල්ලයි - (PHOTOS)

ජා ඇල පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත ත්‍රීවිල් රථ හා යතුරුපැදි සොරකම් කරන සංවිධානාත්මක කල්ලියක් අත්අඩංගුවට ගෙන ඔවුන් විසින් සොරකම් කරන ලද ත්‍රීවිල් රථ 20 ක් සහ යතුරු පැදි 10 ක් සොයාගෙන ඇත.
රුපියල් ලක්ෂ 5 කට වඩා වටිනා මෙම ත්‍රීවිල් රථ රුපියල් 40,000/= ක මුදලකට බ්‍රෝකර්වරයකු වෙත ලබා දී ඇති අතර ඔහු විසින් රුපියල් 50,000/= කට මුදලකට රාගම ප්‍රදේශයේ ගරාජ් හිමියෙකුට මේවා විකුණා ඇත.
එම ස්ථානයේදී ව්‍යාජ එන්ජින් අංක, චැසි අංක හා ව්‍යාජ අංක තහඩු සවිකර වෙනත් වර්ණයන් ආලේපකර ලක්ෂ ගණනකට විකිණීම සිදු කර ඇති බවයි හෙළි වී ඇත්තේ.
පුත්තලම ප්‍රදේශයේ රහසිගතව පවත්වාගෙන ගිය ගබඩාවක් තුළ මෙසේ සඟවා තිබියදීයි පොලිස් නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර අදාළ වාහන තොගය සොයාගෙන ඇත්තේ. මෙම මෙහෙයුමට එක්වූ පොලිස් නිලධාරීන්ගේ සේවය අගය කරමින් ඔවුන්ට ත්‍යාග පිරිනැමීමක්ද ඉදිරියේදී සිදුවීමට නියමිත බවයි වාර්තා වන්නේ.
01.
02.
03.
04.
05.
06.
07.
1279 Views
Comments