ඇමරිකන් තානාපතිනියගේ සුබ පැතුම
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
03

ඇමරිකන් තානාපතිනියගේ සුබ පැතුම

ඇමරිකන් තානාපතිනියගේ සුබ පැතුම

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනිය වන ජුලි චංග් මහත්මිය, පාර්ලිමේන්තුවේ නව මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය හමුවී සුබ පැතුම් එක් කළාය.



තානාපතිවරිය (02) දිනා පාර්ලිමේන්තුවේ දී මහලේකම්තුමිය හමුවෙමින් පවසා සිටියේ ආයතනයක් ලෙස පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ශක්තිමත් කිරීම සදහා නිරතුරුව සහය ලබා දෙන බවයි.



පැවති සුහද සාකච්ඡාවේදී කුෂානි රෝහණධීර මහත්මිය සඳහන් කළේ පාර්ලිමේන්තුවේ කාර්යභාරය පුළුල් වී ඇති අතර නව කාරක සභා රැසක් ක්‍රියාත්මක වන බවයි. රාජ්‍ය පාලන ක්‍රියාවලියට තරුණයින් සම්බන්ධ කර ගැනීමේ කටයුතු සිදු වෙමින් පවතින බවත්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සවිබල ගැන්වීම පිළිබඳ පනත් කෙටුම්පත් මෙන්ම අදාළ පාර්ශ්වකරුවන් සමඟ එක්ව කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම සදහා කටයුතු කරන බවත් මහලේකම්වරිය වැඩිදුරටත් පැවසුවාය.



රෝහණධීර මහත්මියගේ පත්වීම කාන්තා ප්‍රජාවට මෙන්ම සියලු දෙනාටම සතුටට කරුණක් බවත් අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව ඉදිරි කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත්පැවති සුහද සාකච්ඡාවේදී තානාපතිවරිය සදහන් කළාය.

views

239 Views

Comments

arrow-up