ශ්‍රී ලංකාවට එරෙහි පකිස්ථාන සංචිතය නම් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
23

ශ්‍රී ලංකාවට එරෙහි පකිස්ථාන සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාවට එරෙහි පකිස්ථාන සංචිතය නම් කෙරේ

සංචාරක පාකිස්තානු කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර එලඹෙන ජූලි 23 දින සිට පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය සඳහා පාකිස්තානු කණ්ඩායම නම් කිරීම අද(23) සිදුකර තිබෙනවා.

 

ඒ අනුව පාකිස්තානු සංචිතයට නායක බබාර් අසාම්, දඟ පන්දු යවන ක්‍රීඩක යශීර් සාහ්, සල්මන් අලී හා මොහොමඩ් නවාස් යන ක්‍රීඩකයන් නම් කර තිබෙනවා.

 

එසේම ආරම්භක පිතිකරුවන් තිදෙනෙකු, මැදපෙල පිතිකරුවන් හතර දෙනකු, කඩුලු රකින්නන් දෙදෙනෙකු, දඟ පන්දු යවන්නන් දෙදෙනකු හා වේග පන්දු යවන්නන් හතර දෙනෙකු මෙලෙස සංචිතයට නම් කර තිබෙනවා.

 

මේ අනුව තරඟාවලිය ගාල්ලේදී හා ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
 

views

304 Views

Comments

arrow-up