කොස්තාපල් අනියම් බිරිඳගේ 15 හැවිරිදි දැරියව කෙලෙසයි - වීඩියෝ කර ෆේස්බුක් දාන බවටත් තර්ජනය කරලා

කහතුඩුව අධිවේගී පිවිසුමේ රාජකාරි කරන 53 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු 15 හැවිරිදි දැරියක් දූෂණයට ලක් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය පවසයි.
සැකකරු දෙදරු පියෙකු වන අතර අදාළ පාසල් දැරිය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබේ.
තම සැමියාගෙන් නීත්‍යානුකූලව වෙන්ව සිටින 44 හැවිරිදි දැරියගේ මව සමඟ සැකකාරු වසර 09ක සිට අනියම් සබඳතාවක් පවත්වා ගෙන යන අතර ඇය පදිංචිව සිටින නිවසේදී මීට මාස හයකට පමණ පෙර දැරිය දූෂණයට ලක්කර ඇතැයි සිදුකළ මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත.
නිවසේ දැරියගේ මව සහ අංශභාග රෝගයෙන් පෙළෙන මිත්තණිය පමණක් පදිංචිව සිටින අතර සැකකරු එකී මාස 06 ඇතුළත දින කිහිපයක් දැරිය දූෂණයට ලක් කර තිබූ බව වෛද්‍ය පරීක්ෂණයෙන්ද තහවුරු වී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.
සැකකාර කොස්තාපල්වරයා දැරිය සමඟ ලිංගිකව එක්වන අයුරු සිය ජංගම දුරකථනයෙන් ද වීඩියෝ කර ඇති බවට දැරිය සිදුකළ ප්‍රකාශයකින් අනාවරණය වූ බව එම නිලධාරියා වැඩිදුරටත් කීවේය.
සැකකරුගේ මෙම ක්‍රියාවට දැරිය අකමැති වී ඇති අතර තම ජංගම දුරකථනයේ තියෙන අසැබි දර්ශන මුහුණු පොතට යොමු කරන බවට තර්ජනය කරමින් දැරියට සැකකරු මේ ආකාරයෙන් වරින් වර ලිංගික අතවර සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
සැකකරුගේ මෙම පහත් ක්‍රියාව සම්බන්ධයෙන් දැරිය මවට පවසා තිබූ අතර ඒ සම්බන්ධයෙන් අවධානයක් යොමු නොකර තිබූ දැරියගේ මව ඇයට පවසා තිබෙන්නේ වෙනත් කාමරයට ගොස් නිදා ගන්නා ලෙස යැයි ද විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිසිය පවසයි.
ඉන්පසුව දැරිය මේ පිළිබඳ විදේශගතව සිටින සමීප ඥාතිවරියකට දුරකථනයෙන් පවසා තමන්ට පිහිට වන ලෙස හඬා වැටී තිබේ.
ඒ අනුව එම ඥාතිවරිය පොලිස් මූලස්ථානයේ සහන මැදිරිය වෙත දුරකථනයෙන් කරන ලද පැමිණිල්ලකින් පසුව ඒ බව මොරගහහේන පොලිසියට කරන ලද දැනුම් දීමකින් අනතුරුව වහා ක්‍රියාත්මක වූ මොරගහහේන පොලිසියේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන දැරිය රෝහල් ගත කර ඇත.
රෝහල්ගත කළ දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමෙන් පසුව දැරිය දූෂණයට ලක්වී ඇති බවට අනාවරණය වූ බව උසස් පොලිස් නිලධාරියා පැවසීය.
සැකකාර කොස්තාපල්වරයා හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
4158 Views
Comments