විධායක ජනාධිපති ධුරය අහෝසියි - නව ව්‍යවස්ථාව පෙබරවාරි මසදී

එළඹෙන පෙබරවාරි මස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබාදීමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මූලික සැලැස්මේ විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරිදි අගමැති තනතුරක් ඇති කිරීම සඳහා යෝජනා කර ඇති බවත්, ඒ අනුව දැනට පවතින විධායක ජනාධිපති ධුරය අහෝසි වනු ඇති බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමට පත්කල ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පළාත් සභා ක්‍රමය ඇතුළත් කර නැති හෙයින් නව ව්‍යවස්ථාවෙන් පළාත් සභා ක්‍රමය ද අහෝසි වනු ඇතැයි එම ආරංචි මාර්ග කියයි.
පෙබරවාරි මස මුල් සතියේ මෙම කමිටුව සිය මූලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය සකසා අවසන් වූ පසු එය ජනාධිපතිවරයා වෙත භාර දීමට නියමිතව ඇත.
නව ව්‍යවස්ථාවේ මූලික රාමුවේ බොහෝ කරුණු සඳහා පොදු එකඟතාවක් පවතින හෙයින් පාර්ලිමේන්තුවේදී මෙයට අදාළව විවාද කළ යුත්තේ සියයට දහයක පමණ කොටසක් බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා පවසයි.
ඒ අනුව මෙම වසරේදී නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීම රජයේ අපේක්ෂාව වී තිබේ.
695 Views
Comments