2025 දී අවසන් රාජපක්‍ෂ රජ වෙනවා, දියසෙන් කුමරු ඇවිත් 2030 සක්විති රජවෙනවා - ආධ්‍යාත්මවේදී රිටිගල දේවින්ද
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
23

2025 දී අවසන් රාජපක්‍ෂ රජ වෙනවා, දියසෙන් කුමරු ඇවිත් 2030 සක්විති රජවෙනවා - ආධ්‍යාත්මවේදී රිටිගල දේවින්ද

2025 දී අවසන් රාජපක්‍ෂ රජ වෙනවා, දියසෙන් කුමරු ඇවිත් 2030 සක්විති රජවෙනවා - ආධ්‍යාත්මවේදී රිටිගල දේවින්ද

2030 වන විට මේ රටේ සක්විති රජෙකු පහළ වන බව කොරෝනා පැණිය සෑදූ ආධ්‍යාත්මකවේදී රිටිගල දේවින්ද මහතා කියයි.

 

ඇතමුන් දියසෙන් කුමාරයා ලෙස හඳුන්වන පුද්ගලයා ඔහු බවත් රිටිගල දේවින්ද මහතා පවසයි.


එම සක්විති රජු විසින් රට දැවැන්ත ආර්ථික, සංස්කෘතික, මානව, සංවර්ධනයක් කරා රැගෙන යන බවත් හෙතෙම පවසයි.

 

මේ අතර 2030 වසරේ සක්විති රජුගේ පහළවීමත් සමඟ රාජපක්ෂ පරම්පරාවේ දේශපාලනය අවසන් වන බවද රිටිගල දේවින්ද මහතා පෙන්වා දෙයි.

 

කෙසේ වුවද 2025 වසරේ නැවත රටේ ජනාධිපතිවරයා බවට පත්වන්නේ රාජපක්ෂ පරම්පරාවේ කෙනෙකු බවත් පසුව රාජපක්ෂ පරම්පරාවේ දේශපාලනය අවසන් වන බවත් ඒ මහතා පවසයි.


මේ අතර සමගි ජන බලවේගයට හෝ ජනතා විමුක්ති පෙරමුණට පාලන බලයක් ලබා ගැනීමට නොහැකි බව රිටිගල දේවින්ද මහතා වැඩි දුරටත් පවසයි.

 

අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර තිබේ.

 

 

views

1198 Views

Comments

arrow-up