ලක්ෂ 600ක කේරළ ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

වව්නියාව, ඉරට්ටපෙරියකුලම්, අලගල්ල ප්‍රදේශයේදී ලොරියකින් රැගෙන ගිය රුපියල් කෝටි 06කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවට ඉරට්ටපෙරියකුලම් පොලීසිය කියයි.
ඉරට්ටපෙරියකුලම්, අලග්ල මංසන්ධියේදී ඉරට්ටපෙරියකුලම් පොලිස් නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සැක කටයුතු ලොරිය නවතා පරික්ෂා කිරීමේදී ලොරි රථය තුළ සඟවා තිබුණු කිලෝ 164 ග්‍රෑම් 930 ක බරකින් යුත් කේරල ගංජා තොගය සොයාගෙන තිබේ.
ලොරි රථය සහ එහි රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කලක සිට මෙලෙස කේරල ගංජා ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් උතුරේ සිට දකුණට ප්‍රවාහනය කරන බවට පොලීසියට ලැබුනු තොරතුරකට අනුව සෝදිසි කිරීම් දැඩි කිරීමට පියවර ගෙන තිබිණි.
674 Views
Comments