පොලීසියෙන් පළාගිය පුද්ගලයාගේ මළසිරුර වතුර වළකින් හමුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
09

පොලීසියෙන් පළාගිය පුද්ගලයාගේ මළසිරුර වතුර වළකින් හමුවෙයි

පොලීසියෙන් පළාගිය පුද්ගලයාගේ මළසිරුර වතුර වළකින් හමුවෙයි

චෝදනා කිහිපයකට වරෙන්තු ලැබ සිටි පුද්ගලයෙකු ත්‍රිකුණාමලය පුල්මුඩේ මාර්ගයේ යාන් ඔය ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කර ඇත.

 

එම අවස්ථාවේදී සැකකරු පොලීසියෙන් මිදී පළාගොස් තිබේ.

 

අනතුරුව එම පුද්ගලයාගේ සිරුර යාන් ඔය ආසන්නයේ කුඩා වතුර වලක තිබියදී ඊයේ (07) සොයාගෙන තිබේ.

 

එම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය ත්‍රිකුණාමලය මහ රෝහලේදී පැවති අතර මරණ පරීක්ෂණ වාර්තාව ප්‍රතික්ෂේප කළ මියගිය පුද්ගලයාගේ ඥාතීන් පවසන්නේ මරණය සැකසහිත බවයි.

views

663 Views

Comments

arrow-up