ජනපති කැබිනට් සංශෝධනයක් ගැන හිතලා නෑ

කැබිනට් අමාත්‍යධුර සංශෝධනයක් පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙතෙක් අවධානය යොමුකර නොමැති බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.
හෙට(10) කැබිනට් සංශෝධනයක් සිදුවන බවට පළවන තොරතුරු සම්බන්ධයෙන් කළ විමසුමේදී එම ප්‍රකාශකයා මේ බව පවසා සිටියේය.
එසේ කැබිනට් සංශෝධනයක් සිදුවනවා නම් මේවන විට ඊට අදාළ සූදානම් වීමක් තිබිය යුතු බවත් මේ දක්වා එවැනි සූදානමක් නොමැති බවත් හෙතෙම පැවසීය.
මේ අතර රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු පැවසුවේ කැබිනට් සංශෝධනයක් සිදුවනවා නම් එය ඉතා සුළු සංශෝධනයක් බවත් ඉන් දැනට කැබිනට් අමාත්‍යධුර හිමි අයගේ අමාත්‍ය ධුර වෙනසක් සිදුවීමක් නොවනු ඇති බවත් ය.
715 Views
Comments