නිමිඇදුම් සාප්පුව බිඳ ඇඳුම් සොරාගත් දෙකක් ඇඳුම් සමග මාට්ටු

වැල්ලවත්ත, ගාලුපාරේ පිහිටි නිමිඇදුම් සාප්පුවක් බිඳ ඇදුම් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනකු නිමි ඇදුම් තොගයද සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙම සැකකරුවන් දෙදෙනා යතුරු පැදියෙන් පැමිණ ඊයේ(06) මධ්‍යම රාත්‍රියේ නිමිඇදුම් හලේ පිටුපස දොර කඩා එයට ඇතුළු වී එහි තිබු කාන්තාවන්ගේ, ළමුන්ගේ ඇඳුම් තොගයක් සොරාගෙන පොහොර උර තුනක පුරවා යතුරු පැදියේ බැඳ රැගෙන යමින් සිටියදී පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගවට ගත් ඇදුම්වල වටිනාකම ලක්ෂ 03කට අධික වේ.
685 Views
Comments