ජිනීවා සමුළුවේදී ශ‍්‍රී ලංකාව සිරවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
09

ජිනීවා සමුළුවේදී ශ‍්‍රී ලංකාව සිරවෙයි

ජිනීවා සමුළුවේදී ශ‍්‍රී ලංකාව සිරවෙයි

49 වැනි ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශී‍්‍ර ලංකා රජය දැඩි අසීරුතාවයන්ට මුහුණදීමට සිදුවන බව ජිනීවා ආරංචි මාර්ග පවසයි.

 

මෙයට හේතු වී තිබෙන්නේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ඉල්ලීම් ඉටු කිරීමට රජය කි‍්‍රයා නො කිරීමවේ.

 

මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ ශී‍්‍ර ලංකාවට දෝෂාරෝපණය කරමින් වාර්තාවක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

 

ඊට අමතරව බි‍්‍රතාන්‍යය ඇතුළු රටවල් පහක්ද ශී‍්‍ර ලංකාව ගැන ප්‍රකාශයක් කිරීමට තීරණය කර තිබේ.

 

මානව හිමිකම් සමුළුව පෙබරවාරි 28 වැනිදා ආරම්භ වී අපේ‍්‍රල් 01 දායින් අවසන්වේ.

views

850 Views

Comments

arrow-up