JAN
16
ආරවුල දුරදිග ගොස් බිරිඳට සහ නැන්දම්මාට කැත්තකින් කෙටු සිව් දරු පියා පිළිස්සී මරුට

බිරිඳ සහ නැන්දම්මා සමඟ ඇතිවූ ආරවුලකින් පසු ඔවුන්ට කැත්තකින් කෙටු සිව්දරු පියෙකු පිළිස්සී මියගොස් ඇතැයි මහකලුගොල්ල පොලීසිය සඳහන් කරයි.
මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට පිළිස්සුම් තුවාල සහිතව ඊයේ(15) රාත්‍රී ඇතුළත් කිරීමෙන් පසුව අද(16) අලුයම ඔහු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙලෙස මියගොස් තිබෙන්නේ එම්.ඩබ්ලිව් ඥානසිරි ලක්ෂ්මන් නැමති 38 හැවිරිදි පුදගලයෙකි.
බිරිඳ සහ නැන්දම්මා මොනරාගල රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචිමාර්ග පවසයි.
793 Views
Comments