මිලියන 1.5ක කුඩු සමඟ කතක් මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
16

මිලියන 1.5ක කුඩු සමඟ කතක් මාට්ටු

මිලියන 1.5ක කුඩු සමඟ කතක් මාට්ටු

විදෙස් රටක සැඟව සිටිමින් මත්කුඩු ජාවාරම මෙහෙයවන බ කියන ”‍පානදුර සළිදු”‍  නැමැත්තාගේ ජාවාරමට සම්බන්ධ කාන්තාවක් රුපියල් ලක්ෂ 15කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ ඊයේ(15) අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලීසිය කියයි.

 

මෙලෙස අත්අඩංගුවට පත්ව තිබෙන්නේ පානදුර, රතුවත්ත ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි කාන්තාවකි.

 

රතුවත්ත බෝගස ආසන්නයේදී සැකකාරිය පරික්ෂා කර ඇති අතර එහිදී පොලිතින් උරයක බහා තිබූ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 105යි මිලි ග්‍රෑම් 370ක් සොයාගෙන ජාවාරම සදහා යොදාගත් බව කියන ජංගම දුරකථන දෙකක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

 

සැකකාරිය පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට නියෝග ලබාගැනීමට නියමිතව තිබේ.

views

676 Views

Comments

arrow-up