JAN
23
“වී බැරිනම් මුං වවන්න” - ජනපති කෘෂිකර්ම අමාත්‍යාංශයට උපදෙස් දෙයි

වාරි පහසුකම් මදිවීම හේතුවෙන් යල කන්නයේදී වී වගා කළ නොහැකි වගා බිම් හා අන්තර් කන්නයේ අමතර බෝගයක් ලෙස මුං වගාවට අවශ්‍ය බීජ ලබා ගැනීමට ගොවි ජනතාවට මූල්‍ය සහනාධාරයක් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබේ.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු නිරීක්ෂණයේදී තොරතුරු සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා විසින් මෙම තීරණයට එළැඹ ඇත.
661 Views
Comments