සූදු තුන්ඩව නිසා යාලුකම අමතකවෙයි - අඹයාළුවාට පිහියෙන් ඇන මරා දමලා
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
23

සූදු තුන්ඩව නිසා යාලුකම අමතකවෙයි - අඹයාළුවාට පිහියෙන් ඇන මරා දමලා

සූදු තුන්ඩව නිසා යාලුකම අමතකවෙයි - අඹයාළුවාට පිහියෙන් ඇන මරා දමලා

මුදලට අශ්වයන් ඔට්ටු තබන තුන්ඩුවක් සම්බන්ධයෙන් මිතුරන් දෙදෙනකු අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් තියුණු ආයුධයකින පහරදීමකින් පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි මිරිහාන  පොලිසිය පවසයි.

 

මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ නුගේගොඩ ගංගොඩවිල, පරණ කැස්බෑව පාර, 01 පටුමගේ අංක 06/02 හි පදිංචිව සිටි මද්දුම ආරච්චිගේ අනුර ශාන්ත නැමැති 56 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

 

මෙම පුද්ගලයින් දෙදෙනා කලක පටන් අඹ යහළුවන් වන අතර දිනපතා මුදලට අශ්වයන් ඔට්ටු තැබීමට පුරුදුව සිට ඇතැයි පොලිසිය පවසයි.

 

දෙදෙනා දෙල්කඳ පැගිරිවත්ත මාවතේ පිහිටි මුදලට අශ්වයින් ඔට්ටු තබන ස්ථානයකට ගොස් අශ්වයින් ඔට්ටු තැබීමට අදාල බිල් පතක් ලිවීම සඳහා එක් මිතුරෙකු අනිත් මිතුරාට පවසා ඇතත් ඊට මිතුරා විරෝධය දැක්වීමත් සමඟ දෙදෙනා අතර බහින්බස් වීමක් ඇතිව තිබේ.

 

අනතුරුව එම ආයතනයේ හිමිකරු දෙදෙනා සමථයකට පත්කොට ස්ථානයෙන් පිටත් කර ඇති අතර පසුදා සවස ඉන් එක් පුද්ගලයෙකු දෙල්කඳ පැඟිරිවත්ත පාරේ පිහිටි ආප්ප කඩයකට පැමිණ ආප්ප ගනිමින් සිටියදී පෙරදා බහින්බස්වීම ඇතිකරගත් අනෙක් මිතුරාද පැමිණ ඇති අතර එහිදී නැවත වරක් ආරවුල හටගෙන තිබේ.

 

ගැටුම හට ගන්නවාත් සමඟම විදුලිය විසන්ධි වී ඇති අතර එම අවස්ථාවේදී එක් පුද්ගලයෙකු තියුණු ආයුධයකින් අනෙක් පුද්ගලයාට පහරදීමක් සිදුකර ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 

එම අවස්ථාවේදී වූ පොර බැදීමෙන් දෙදෙනාටම තුවාල සිදුවීම නිසා ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබූ අතර එහිදි පිහි ඇනුමට ලක්වූ පුද්ගලයා මෙලේ මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

views

814 Views

Comments

arrow-up