MAY
12
උඩ දියලුම වන අලි ප්‍රහාරයකින් තරුණියක් මරුට

උඩ දියලුම ප්‍රදේශයේ රාත්‍රි කදවුරක් සඳහා තරුණ යුවලක් පැමිණ ඇති අතර රාත්‍රියේදී ඔවුන් සිටි කුඩාරමට වනඅලි ප්‍රහාරයක් එල්ල වී තිබේ. එම වනඅලි ප්‍රහාරයෙන් තරුණිය එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර තරුණයා තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසිතුනක තරුණියක් වන අතර තුවාල ලැබූ තරුණයා වාරියපොල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසිදෙකක අයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් කොස්ලන්ද පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
337 Views
Comments