විදුලි කප්පාදුව ගැන තවත් තීරණයක්

සැලසුම් කළ විදුලිබල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නොහැකිවීම වත්මන් විදුලි අර්බුදයට ප්‍රධානම හේතුව බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
මේ අතර, සපුගස්කන්ද බලාගාරයේ A බලාගාරයේ ඉන්ධන අවසන් වීම හේතුවෙන් අද (29) පෙරවරුවේ අක්‍රීය වුණි.
මේ හේතුවෙන් මෙගාවොට් 48ක් ජාතික පද්ධතියට අහිමි වී තිබේ.
මෙවන් පසුබිමක අද රාත්‍රියේ විදුලි අවශ්‍යතාව මෙගාවොට් 2630ක් පමණ වනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය අපේක්ෂා කරයි.
651 Views
Comments