මඩකළපුවට ජල ගැලීම් තත්ත්වයක් - මාර්ග රැසක් යටවෙයි

මඩකලපුව දිස්ත්‍රික්කයට ඇද හැළෙන අධික වාර්ෂාව හේතුවෙන් ලොකු කුඩා ජලාශ සියල්ල පිටාර මට්ටමට පැමිණීමත් සමඟ වාන් දොරටු විවෘත කිරීම නිසා ප්‍රදේශයේ මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
වෙල්ලවේලි, කෝවිල් පෝරතිවු, පලුකාමම්, පෙරිය පෝරතිවු, කොක්කටිච්චෝලයි, එරුවිල් කලුවන්චිකුඩි, කුරුමන්වෙලි, කුතව්ලයි, තේත්තාතිවු ඇතුලු බොහෝ ප්‍රදේශවල ඇති කුඩා ජලාශ සියල්ල පිටාර ගලන බව වාර්මාර්ග අංශ කියයි.
පිටාර ගලන වැව්වල සිටින කිඹුලන් ගම්මානවලට ඇතුළුවීමේ අවදානමක් ඇති බව ප්‍රදේශවාසීන් සඳහන් කරයි.
700 Views
Comments