නායයාමේ අනතුරු ඇඟවීම් තව දුරටත් ක්‍රියාත්මකයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
08

නායයාමේ අනතුරු ඇඟවීම් තව දුරටත් ක්‍රියාත්මකයි

නායයාමේ අනතුරු ඇඟවීම් තව දුරටත් ක්‍රියාත්මකයි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ හෙට (09) දිනයේදීත් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

 

 

 

දිස්ත්‍රික්ක පහකට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් දීර්ඝ කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

 

 

 

නිරිතදිග මෝසම සක්‍රිය වීමත් සමඟ දින කිහිපයක සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇදහැලෙමින් පවති.

 

 

 

ගත වූ පැය 24 තුළ මිලිමීටර් 114.3ක් වූ වැඩිම වර්ෂාපතනය වාර්තා වුණේ, කෑගල්ල, මොරලිය ඔය ප්‍රදේශවලින් බව වාර්තා වේ.

 

 

වාර්තා වන්නේ වැසි සමඟ බුලත්සිංහල කුඩා ගඟ පිටාර ගැලීමෙන් පරගොඩ, නාලියද්ද, දඹල ආදී ප්‍රදේශවල පහත්බිම් ජලයෙන් යට වී ඇති බවයි.

 

 

මේ හේතුවෙන් බුලත්සිංහල මෝල්කාව ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වූ බව ද සඳහන් වේ.

 

 

 

අදත් ගංවතුර සහ නායයෑමේ අවදානම හේතුවෙන් බුලත්සිංහල හල්වතුර දෙමළ විද්‍යාලය, පරගොඩ කිතුලේගොඩ කනිෂ්ඨ විද්‍යාලය සහ ඉහළවෙල්ගම කනිෂ්ඨ විද්‍යාලය වසා තැබිණි.

 

 

 

වාර්තා වූයේ ඇදහැලුණු අධික වැසි මධ්‍යයේ මාතර හක්මන බුද්ධ ජයන්ති ප්‍රාථමික විද්‍යාලයේ දරුවන්ට අද (08) දිනයේ අධ්‍යාපන කටයුතුවල නියැලීමට සිදු වූ බවයි.

 

 

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෙටත් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

 

views

226 Views

Comments

arrow-up