ලෝ ලෙවල් මාර්ගය භාවිත කරන රියදුරන්ට පොලිසියෙන් දැනුම් දීමක්

පොලිසිය පවසන්නේ නවගමුව පුරාණ ශ්‍රී මහා පත්තිනි දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර හේතුවෙන් එම ප්‍රදේශයේ අවට මාර්ගවල හෙට (02) සහ අනිද්දා (03) විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි.
හෙට (02) රාත්‍රී 7.00 සිට අළුයම 1.30 දක්වා නවගමුව පත්තිනි දේවාලයේ රන්දෝලි පෙරහැර පැවැත්වීමට සැලසුම් කර ඇත.
ඉරිදා (03) උදෑසන 9.00 සිට දහවල් 2.00 දක්වා දියකපන පෙරහැර ගමන්කරනු ඇත.
මේ හේතුවෙන් එම කාලසීමාව තුළදී රථවාහන ගමනාගමනය අවිස්සාවේල්ල කොළඹ පරණ පාර (ලෝ ලෙවල් මාර්ගය) වෙලේ හන්දියෙන් සහ රණාල හන්දියෙන් සීමා කෙරෙනු ඇත.
කොළඹ සිට හංවැල්ල දෙසට ගමන්කරන රථවාහන කඩුවෙල වෙලේ හන්දියෙන් දකුණට හැරී වඳුරමුල්ල, ඔරුවල හන්දිය, හබරකඩ, ජය මාවත රණාල හන්දිය දක්වා ගමන්කළ හැකි බව සඳහන් වේ.
හංවැල්ල සිට කොළඹ දෙසට ගමන්කරන ලබන රථවාහන රණාල හන්දියෙන් වමට හැරී ජය මාවත, හබරකඩ, ඔරුවල හන්දිය, වඳුරමුල්ල වෙලේ හන්දිය දක්වා ගමන්කළ හැකි බව සඳහන් කරයි.
264 Views
Comments