වත්තල ගබඩාවකින් විදුලි උපකරණ ඉස්සූ අයෙක් දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
10

වත්තල ගබඩාවකින් විදුලි උපකරණ ඉස්සූ අයෙක් දැලේ

වත්තල ගබඩාවකින් විදුලි උපකරණ ඉස්සූ අයෙක් දැලේ

රුපියල් ලක්ෂ 10ට අධික වටිනා රූපවාහිණී, ලැප්ටොප්, හා ශිතකරණ ඇතුලු උපකරණ රැසක් වත්තල මීගමුව පාරේ පිහිටි විදුලි උපකරණ අලුත්වැඩියා කිරීමේ ආයතනයක ගබඩාවකින් සොරාගත් සැකකරුවන් අද (10) වත්තල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඉකුත් (22) දින සිට වරින් වර සැකකරු තවත් පුද්ගලයකු සමග එක්ව එම ගබඩාවේ ඉහළ මහලෙන් ඇතුළු වී එහි තිබු රූපවාහිණී යන්ත්‍ර 6 ක්, ලැප්ටොප් පරිගණක 4ක්, කුඩා ශිතකරණ 4ක්, වතුර මෝටර් 4ක් ඇතුලු දෙපළ රැසක් සොරාගෙන ගොස් ඇති බවට ඊයේ (9) වත්තල පොලිසියට පැමිණිලි ලැබී තිබේ.

 

මෙම පැමිණිල්ලට අනුව එම ප්‍රදේශයේ ගෙවල් බිදුම්වල නිරත සිටි  පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී මෙම සියලු තොරතුරු හෙළි කරගෙන තිබේ.

 

සැකකරු වත්තල ප්‍රදේහයේ පදිංචි (42) හැවිරිදි පුද්ගලයෙක් බවත්, ඔහු සොරාගත් රූපවාහිණී යන්ත්‍ර 4ක් හා ශිතකරණ 4ක් පොලිසිය මගින් සොයාගන ඇති බවත් වැඩිදුරටත් සඳහන් වේ.

views

207 Views

Comments

arrow-up