මාදම්පේ කොහු කර්මාන්තශාලාවක් ගින්නකින් සම්පූර්ණයෙන්ම දැවී යයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
03

මාදම්පේ කොහු කර්මාන්තශාලාවක් ගින්නකින් සම්පූර්ණයෙන්ම දැවී යයි

මාදම්පේ කොහු කර්මාන්තශාලාවක් ගින්නකින් සම්පූර්ණයෙන්ම දැවී යයි

මාදම්පේ සෙම්බුකට්ටිය ප්‍රදේශයේ කොහු කර්මාන්තශාලාවක ගින්නක් ඇති වී තිබෙන බව වාර්තා වේ. ඊයෙ දින රාත්‍රී මෙම ගින්න හටගෙන ඇති අතර, එයින් මෙම කර්මාන්තශාලාව සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති බව සඳහන් වේ.

 

ගින්න පාලනය කිරීම සඳහා ප්‍රදේශවාසීන්, පොලිසිය සහ හලාවත නගර සභාවේ ගිනි නිවන ඒකකය එක්ව අලුයම වන තෙක් උත්සාහ දරා තිබුණද, කර්මාන්තශාලාවේ තිබූ යන්ත්‍ර සූත්‍ර සහ අපනයනය සඳහා අසුරා තිබූ කොහු විශාල ප්‍රමාණයක් විනාශයට පත්වී ඇති බව සඳහන් වේ.

 

ගින්න හටගත් ආකාරය පිළිබඳ තවමත් අනාවරණය වී නොමැති අතර සිදුවී ඇති අලාභ හානි මෙතෙක් තක්සේරු කර නොමැත.

views

211 Views

Comments

arrow-up