මැතිවරණ අපේක්ෂකයෙකුට මහියංගනයේ මන්ත්‍රීවරයෙකුගෙන් ප්‍රහාරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
24

මැතිවරණ අපේක්ෂකයෙකුට මහියංගනයේ මන්ත්‍රීවරයෙකුගෙන් ප්‍රහාරයක්

මැතිවරණ අපේක්ෂකයෙකුට මහියංගනයේ මන්ත්‍රීවරයෙකුගෙන් ප්‍රහාරයක්

මෙවර මැතිවරණයට නාම යෝජනා භාර දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙකුට මහියංගන ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු පහර දී ඇති බවට මහියංගන පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බව වාර්තා වේ.

 

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා තමන්ට ප්‍රාදේශීය සභාවේ සභාපති ගේ නිල කාමරයේදී පහරදුන් බව අපේක්ෂක අබ්දුල් නසාර් මොහොමඩ් රිස්වාන් පවසා ඇති අතර අනතුරුව ඔහු මහියංගනය මූලික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබාගත් බවද සඳහන් වේ.

 

මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සහ අපේක්ෂකයා, එකම ඡන්ද කොට්ඨාසයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා භාරදී ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මහියංගණ පොලිසිය විසින් සිදු කෙරේ

views

212 Views

Comments

arrow-up