රුහුණු සරසවි සිසුන්ගෙන් විශ්වවිද්‍යාල කොමිසමට පෙත්සමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
03

රුහුණු සරසවි සිසුන්ගෙන් විශ්වවිද්‍යාල කොමිසමට පෙත්සමක්

රුහුණු සරසවි සිසුන්ගෙන් විශ්වවිද්‍යාල කොමිසමට පෙත්සමක්

රුහුණ විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨ සිසුන් අත්සන් කළ විරෝධතා පෙත්සමක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත අද (3) භාරදීම සිදුකෙරිණි.

 

ඒ රුහුණ විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨය වසා දැමීම, එහි උපශාලාධිපතිවරයෙකු මන්නා පිහි රැගෙන බීමතින් පැමිණ සිසුන්ට පහරදීමට උත්සාහ කිරීම සහ සරසවිය තුළ ක්‍රියාත්මක මර්දනය සම්බන්ධයෙන් විරෝධය පාමින්.

 

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නියෝජිතයන් කිහිපදෙනකු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත පැමිණ එහි උප සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන උඩවත්ත මහතා මුණගැසී මෙම පෙත්සම භාර දී තිබේ.

 

රැහුණ විශ්වවිද්‍යාලයේ ඇතිවූ ගැටුමට හේතු වූ තාක්‍ෂණ පීඨ ශිෂ්‍ය නේවාසිකාගාරයේ උප ශාලාධිපතිවරයා බීමතින් පැමිණ සිසුන්ට තර්ජනය කරන වීඩියෝ දර්ශන ද අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඊයේ (2) පැවැත්වූ මාධ්‍ය හමුවකදී මාධ්‍ය වෙත ලබා දුනි.

 

මෙම පෙත්සම භාරදීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල නියෝජිත මධුෂාන් චන්ද්‍රජිත් මහතා පැවසුවේ උප ශාලාධිපතිවරයාගේ හැසිරීම ගැන නොසොයා ශිෂ්‍යයන්ගේ පන්ති තහනම් කරන්නට එහි විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා සැරසෙන බවත්, මේ වන විට රටපුරා විශ්වවිද්‍යාල රැසක ශිෂ්‍ය මර්දනයන් ක්‍රියාත්මක බවත්ය. 

 

එමෙන්ම ශිෂ්‍ය මර්දනය නවතා දමා පීඨය නැවත ආරම්භ කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මැදිහත්වනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ඔහු කියා සිටී.

views

228 Views

Comments

arrow-up