MAR
03
බන්ධනාගාර කොමසාරිස්වරයාගේ නිවසෙන් ලක්ෂ හතක රන් බඩු අතුරුදන්

බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළ පිහිටා ඇති බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතාගේ නිල නිවසේ තිබූ රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා රන් භාණ්ඩ අතුරුදන්ව ඇති බවට ඒ මහතාගේ බිරිඳ විසින් බොරැල්ල පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව වාර්තා වේ.
මෙම නිවස ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා සිරකරුවන් යොදවා ඇතැයි ද ආරංචි මාර්ග පවසා සිටින අතර, පැමිණිල්ල සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය විසින් පරීක්ෂණ කටයුතු පවත්වනු ලැබේ.
209 Views
Comments