54000 ක විදුලි බිලක් නිසා පන්නිපිටියම මාරක අනතුරක
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
16

54000 ක විදුලි බිලක් නිසා පන්නිපිටියම මාරක අනතුරක

54000 ක විදුලි බිලක් නිසා පන්නිපිටියම මාරක අනතුරක

අංක 174 බස් මාර්ගයේ හයිලෙවල් මාර්ගයට පිවිසෙන ප්‍රධාන මංසන්දියේ පිහිටි මාර්ග ආලෝක සංඥාවලට අදාළ විදුලි බිල අවුරුද්දකට ආසන්න කාලය සිට නොගෙවීම හේතුවෙන් දින 16 ක සිට එහි විදුලිය විසන්ධි කොට ඇති බව වාර්තා වේ.

 

ලෙකෝ සමාගම විසින් මෙම විදුලි විසන්ධි කිරීම සිදු කොට ඇති අතර මාර්ග සංවර්ධන අධිකාරිය විසින් එම සමාගමට මේ වන විට සමස්ත විදුලි බිල්පත ලෙස රුපියල් 54916.22 ක මුදලක් ගෙවීමට නියමිතව තිබේ.

 

මේ සම්බන්ධයෙන් ලෙකෝ සමාගම මාර්ග සංවර්ධන අධිකාරියේ අදාළ පළාත් ආයතනය දැනුවත් කොට ඇති අතර කෙසේ නමුත් ඊට යහපත් ප්‍රතිචාර හිමි නොවීම මත ඉකුත් ජනවාරි 30 වැනි දින මෙම මාර්ග ආලෝක සංඥාවල විදුලිය විසන්ධි කොට ඇති බව වාර්තා වෙයි.

 

මහරග,කොට්ටාව,මාලබේ හා තලවතුගොඩ යන තදාසන්න ප්‍රදේශ සදහා දිවෙන මෙම මාර්ගයේ මෙලෙස මාර්ග ආලෝක සංඥා ක්‍රියාත්මක නොවීම මත රිය ධාවනය අනාරක්ෂිත වී ඇති බව ප්‍රදේශවාසීහු කියති.

views

204 Views

Comments

arrow-up