ජනපතිට යානය දීම ව්‍යවස්ථානුකූල බව ගුවන් හමුදාව කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
13

ජනපතිට යානය දීම ව්‍යවස්ථානුකූල බව ගුවන් හමුදාව කියයි

ජනපතිට යානය දීම ව්‍යවස්ථානුකූල බව ගුවන් හමුදාව කියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ඔහුගේ බිරිඳට මාලදිවයින බලා පිටත්වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඒ.එන්. 32 වර්ගයේ යානාවක් ලබා දුන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රෙගුලාසි වලට අනුව බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රකාශ කර සිටිනවා.

 

අදාළ ගුවන් යානය ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතියට යටත්ව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පවතින ආගමන විගමන සහ අනෙක් සියලුම නීති වලට අනුකූලව දිවයිනෙන් පිටත්ව ගිය බවත් එම යානාව තුළ ජනාධිපතිවරයා, ඔහුගේ බිරිඳ සහ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු පමණක් සිට ඇති බවද නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව දන්වා සිටිනවා.

 

මේ අතර ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත්ව ගිය බව අග්‍රාමාත්‍ය කාර්යාලය ද තහවුරු කර තිබෙනවා .

 

ගුවන් හමුදාව නිකුත් කළ නිවේදනය පහතින්.

 

 

views

298 Views

Comments

arrow-up