අපි ඉන්නේ දැවැන්ත පීඩණයක - ගම්මන්පිල
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
08

අපි ඉන්නේ දැවැන්ත පීඩණයක - ගම්මන්පිල

අපි ඉන්නේ දැවැන්ත පීඩණයක - ගම්මන්පිල

තෙල් ගෙනඒම සඳහා අවශ්‍ය ඩොලර් සොයා ගැනීමට බලශක්ති අමාත්‍යාංශයට විශාල පීඩනයක් ඇතිවී තිබෙන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

 

ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ,

 

"ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම්දීලා තියෙනවා තවදුරටත් ණයට ලබාදෙන්නේ නෑ. පිටරටින් දේවල් ගේද්දී ඩොලර්වලින්ම මුදල් ලබාදෙන්න ඕනේ. මේ රටට අවශ්‍ය පෙට්‍රල් ඩීසල් සඳහා ඩොලර් හොයා ගන්න අපි පුදුම දුකක් විඳින්නේ. අපි ඒ දුක දන්නවා."

 

"නැවක් ගේනවා.. දවස් තුනෙන් හතරෙන් ඉවරයි. සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 25ත් 60ත් අතර ගාණක් යනවා තෙල් නැවක් ගේන්න."

 

"අපි දැවැන්ත පීඩනයක ඉන්නේ. අපිට ඒ අතරේ තවත් අමාත්‍යාංශයක පීඩනයත් අපේ ඔළුව උඩට ගන්න බෑ. ඒ අමාත්‍යාංශවල ඉන්න අය ඒ පීඩනය දරාගන්න ඕනේ. හිඟන්නෙකුට භාර දෙන්න බෑ දුප්පත් මිනිහෙක්ව බලාගන්න. තෙල් සංස්ථාව අද විදුලිබල මණ්ඩලයට වඩා දැඩි මූල්‍ය අර්බුදයක ඉන්නේ."

views

676 Views

Comments

arrow-up