කොවිඩ් ආසාදිතව අසාධ්‍ය තත්වයේ සිටි “තෝර්ට” දැන් සුවයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
20

කොවිඩ් ආසාදිතව අසාධ්‍ය තත්වයේ සිටි “තෝර්ට” දැන් සුවයි

කොවිඩ් ආසාදිතව අසාධ්‍ය තත්වයේ සිටි “තෝර්ට” දැන් සුවයි

දෙහිවල සත්වෝද්‍යානයේ කොරෝනා ආසාදනයවීමෙන් අසාධ්‍ය තත්වයට පත්ව සිටි “තෝර්” නැමැති කේසර සිංහයා සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇවිද යාමද සිදු කරන බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසුවේය.

 

දිනකට මස් කිලෝ 9ක් පමණ තෝර් සිංහයා කෑමට ගන්නා බවද හෙතෙම කීවේය.

 

කොරෝනා ආසාදනයෙන් “තෝර්” ගේ ජීවිතය දැඩි අවදානමකට ලක්වූ බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

 

මේ අතර කොවිඩ් - 19 ආසාදනය වූ බවට හඳුනා ගැනුණු කොටියාගේ තත්ත්වයද සාමාන්‍ය අතට හැරෙමින් පවතින බවද වනජීවී රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

views

750 Views

Comments

arrow-up