ඇමැතිනි සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ පුතුගේ මංගල උත්සවය ආගමික චාරිත්‍රවලට පමණක් සීමා කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
13

ඇමැතිනි සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ පුතුගේ මංගල උත්සවය ආගමික චාරිත්‍රවලට පමණක් සීමා කරයි

ඇමැතිනි සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ පුතුගේ මංගල උත්සවය ආගමික චාරිත්‍රවලට පමණක් සීමා කරයි

කොරෝනා වසංගත රට තුල වේගයෙන් පැතිර යන බව තේරුම් ගෙන රටේ වගකිවයුතු පුරවැසියෙකු ලෙස තම පුත්‍රයාගේ මංගල උත්සවය ආගමානුකූල චාරිත්‍රවලට පමණක් සීමාකර මංගල සාදය අවලංගු කිරීමට කටයුතු කළ බව කොවිඩ් පාලන හා ප්‍රාථමික සෞඛ්‍ය ඇමැතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

 

රටේ ඩෙල්ටා ප්‍රභේදය සීඝ‍්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බැවින් තම දරුවාගේ මංගල උත්සවය පැවැත්වීමට නියමිතව ඇති මොහොතේත් රටේ පවතින තත්ත්වය ගැන මනා අවබෝධයක් පවතින හෙයින් කොවිඩ් කමිටුව හමුවේද තමා මංගල උත්සව සඳහා පනවා ඇති 150ක සීමාව 50 ක් කරන මෙන් ඉල්ලා සිටි බවත් ඇය පැවසුවාය.

 

හිටපු අමාත්‍යවරයෙකු වූ දිවංගත ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ සහ ඇමැතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ පුත් නීති ශිෂ්‍ය ධානුක ප්‍රනාන්දුපුල්ලේ සහ ලියොනිතා රිශ්මි ප්‍රනාන්දුපුල්ලේ අතර විවාහ උත්සවය කොළඹ ෂ‍්‍රැන්ග‍්‍රිලා හෝටලයේදී පැවැත්වීමට නියමිතව තිබිණත් පවතින කොවිඩ් ව්‍යාප්තිය හමුවේ මංගල උත්සවය පැවැත්විය හැකි පරිසරයක් රට තුළ නොමැති නිසා දෙපාර්ශ්වයේම එකඟතාවය මත වැල්ලවත්ත දේවස්ථානයකදී ආගමික චාරිත්‍රානුකූලව විවාහ ගිවිස ගැනීමට කටයුතු කර තිබේ. 

views

789 Views

Comments

arrow-up