ලක්ෂ දෙසීයක මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ පුද්ගලයෙක් නාවික හමුදා අත්අඩංගුවට

පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේ ගබඩාවක බලපත්‍ර නොමැතිව හොර රහසේ අලෙවි කිරීමට සුදානම් කර තිබූ විවිධ වර්ගයේ මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ එහි අයිතිකරු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වැටලීම කල්පිටිය නාවික හමුදා කඳවුරේ නිලධාරීන් විසින් නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකර ඇති අතර එහිදී ගබඩා කර තිබූ කූඩැල්ලන් කිලෝ 10,000 ආසන්න ප‍්‍රමාණයක් සොයා ගෙන තිබේ.
මෙම තොගය සඳහා බලපත්‍ර ඇති බවට මෙහි හිමිකරුවන් මුලින් පවසා තිබුණත් ස්ථානයේ විවිධ තැන් පරීක්ෂා කිරීමේදී බලපත්‍රයේ සඳහන් ප‍්‍රමාණයට වඩා ඇති බවට තහවුරු වී ඇත.
මෙම ස්ථානයේ ගබඩාකර තිබූ කිලෝ 4,000 පමණ ප‍්‍රමාණයකට බලපත්‍රයක් අයිතිකරු වැටලීම සිදු කළ නාවික හමුදා නිලධාරින් පෙන්වා ඇති නමුත් එම ස්ථානයේ මෙවැනි විවිධ ප‍්‍රමාණයේ මුහුදු කූඩැල්ලන් තොගයක් මේ අකාරයෙන් රැගෙනෙ ආවේ කෙසේද? මෙම තොගය කොහෙන් ලැබුනේද යන්න පිළිබදව නාවික හමුදාව විසින් පරීක්ෂණ පවත්වනු ලබයි.
මෙම මුහුදු කූඩැල්ලන් තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුත්තලම ධීවර කාර්යාලයට භාර දී තිබෙන අතර සැකරුවන් හා මුහුදු කූඩැල්ලන් තොගය පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
713 Views
Comments