අද ශ්‍රී ලංකා ජනරජ දිනයයි

ශ්‍රී ලංකාව ස්වෛරී ස්වාධීන ජනරජයක් බවට පත්කළ නව ජනරජ ව්‍යවස්ථාව ගෙන 1972 වසරේ අද වැනි දිනක ප්‍රකාශයට පත් විය.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට පැවති සියලු බැදීම් බිද දමා ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක් බවට පත්වී අදට වසර 51 ක් සපිරේ.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය බ්‍රිතාන්‍ය කිරීටය සමග පැවති සියලු සබදතා බිද දමමින් සිංහල දෙමළ මුස්ලිම් ආදී සියලු ජන කොටස්වල එකමුතුවෙන් නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට සමත් විය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සිලෝන් හෙවත් ලංකා නම් වූ රාජධානිය අහෝසි කොට ශ්‍රි ලංකා සමාජවාදී ජනරජය පිහිටුවීම සිදු වුණි.
1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමත් සමග එතැන් පටන් මැයි 22 වනදා ජනරජ දිනය ලෙස නම් කෙරුණි.
ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙස නම් කිරීම ද මෙහිදී සිදුවුණි.
179 Views
Comments