දෙකෝටියක් වටිනා ලිපිද්‍රව්‍ය අපතේ යැවූ E - ග්‍රාම නිලධාරී ව්‍යාපෘතිය

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කරන ඉ - ග්‍රාම නිලධාරී (e – Grama Niladari) ව්‍යාපෘතිය සඳහා 2021 වසරේදී මිලදී ගත් රුපියල් දෙකෝටි විසිඑක් ලක්ෂ අසූ දහස් අටසියයක් (22,180,800.00) ක් වටිනා ජෙල් පෑන්, විශේෂිත ෆයිල් කවර සහ බෑග් තොගය බෙදා නොදී අනාරක්ෂිත ලෙස ගොඩ ගසා ඇතැයි අනාවරණය වේ.
ඉ - ග්‍රාම නිලධාරී ව්‍යාපෘතියට අදාළව අතින් දත්ත එකතු කිරීම සඳහා දිස්ත්‍රික්ක පහකට අදාළව රජයේ මුද්‍රණාලයෙන් රුපියල් මිලියන 167 ක කොළ මිලදී ගෙන ඇති අතර, එම කොළ පිරවීමට මෙම ජෙල් පෑන් මිලදී ගෙන තිබේ. මෙම කොළවල පුරවන දත්ත ස්කෑන් කිරීමට අදාළ ටෙන්ඩරය රුපියල් මිලියන 254 ක් බවද අනාවරණය වේ.
මෙම ඉ - ග්‍රාම නිලධාරී ව්‍යාපෘතිය ඉකුත් 2021 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබිණි.
205 Views
Comments