හොරණ නිවසක් කොල්ල කෑ කායවර්ධන උපදේශක කොටු වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
15

හොරණ නිවසක් කොල්ල කෑ කායවර්ධන උපදේශක කොටු වෙයි

හොරණ නිවසක් කොල්ල කෑ කායවර්ධන උපදේශක කොටු වෙයි

හොරණ ප්‍රදේශයේ දෙමහල් නිවසකට ඇතුළු වී රුපියල් ලක්ෂ දහයකට ආසන්න ඇපල් වර්ගයේ ලැප්ටොප් පරිගණකයක් සහ තවත් දේපල රැසක් සොරාගත් කායවර්ධන උපදේශකවරයකු පිලියන්දල දි අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි.

 

 

සැකකරු සමඟ එම නිවසින් සොරාගත් ඇපල් වර්ගයේ ලැප්ටොප් පරිගණක, අයි පෑඩ් එකක්, ඩිජිටල් පෑනක් ,ටැබ් එකක් ඇතුළු තවත් විදුලි උපාංග කීපයක් පොලිස් බාරයට ගෙන ඇත.

 

 

මීට දින කිහිපයකට ඉහත දී සැකකරු දෙමහල් නිවසේ ජනේල වල යකඩ ග්‍රිල් ගලවාගෙන නිවසට ඇතුළු වී මෙම සොරකම සිදුකර තිබූ අතර ඒ සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

views

274 Views

Comments

arrow-up