බාල ඖෂධවලට තත්ත්ව සහතික

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් පැවසුවේ තත්වයෙන් බාල ඖෂධ ගෙන්වීම නිසා මිනිස්සුන්ට ඇතිවී තිබෙන පීඩාවට සහ රට ලබා තිබෙන පාඩුවට ඖෂධ නියාමන අධිකාරියත්, බාල ඖෂධවලට තත්ව සහතික ලබා දුන් පාර්ශවත් සෘජු ලෙස වගකිව යුතු බවයි.
වසර තිහකට කලින් පෙර නිර්මාණය කරන ලද ‘ජාතික ඖෂධ තත්වපාලන රසායනාගාර’ වැහෙන්න දී බාල ඖෂධ මෙරටට ගෙනෙන වැඩපිළිවෙල ක්‍රියත්මක වන බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
මේ වන විට යම් යම් ඖෂධ භාවිතයෙන් ඉවත් කරන ලෙස නිවේදන දිනපතාම නිකුත් වන බව ඔහු සඳහන් කළේය.
මෙරටට ගෙනෙන කිසිදු ඖෂධයක් හොර ඖෂධ නොවන බවත්, හොරෙන් හෝ බලෙන් ගෙනත් භාවිත කරන ලද ඒවා නොවන බවත් ඖෂධ නියාමන අධිකාරියේ අවසරය, අනුමැතිය සහ තත්ව සහතිකය සහිතව රටට ගෙන්වන ලද ඒවා බවත් ඔහු සඳහන් කරයි.
ඖෂධ නියාමන අධිකාරියේ තත්ව සහිතිකයක් තිබෙන ඕනෑම ඖෂධයකින් බරපතල සංකූලතා ඇති වෙනවානම්, එම තත්ව සහතකයේ හෝ එය ලබා දෙන ක්‍රමයේ බරපතල වරදක් තිබෙන බවට ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
222 Views
Comments