රාජ්‍ය සේවයට ඇගිලි සලකුණු යන්ත්‍ර නැවතත්

අද (15) සිට රාජ්‍ය සේවකයින් පැමිණීම සහ පිටවීම සඳහන් කිරීමේ දී ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීම අනිවාර්ය කර ඇත.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී. එන්. රංජිත් අසෝක මහතාගේ අත්සනින් යුතුව පසුගිය 12 වනදා එයට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබුණි.
කොවිඩ් වසංගත තත්ත්වය සමග පසුගිය වසර කිහිපයේ දී මෙම ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය තාවකාලිකව අත්හිටුවා තිබුණි.
විව්ධ අක්‍රමකතා වාර්තා වීමත් සමග මෙම පියවර ගත් බව අමාත්‍යාංශය සඳහන් කරන අතර, ඇතැම් සේවකයින් සිය ආයතන සඳහා උදෑසන 10ට පමණ පැමිණ, පැමිණීමේ සහ පිටවීමේ ලොග් පොතෙහි පැමිණි වේලාව ලෙස සඳහන් කර ඇත්තේ උදෑසන 8 බව ද වාර්තා වේ.
234 Views
Comments