MAY
12
පස් කන්දකට යට වූ නිවස

කළුතර වළල්ලාවිට, පහළ හෙවෙස්ස ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් හානි සිදු විය.
නිවසට දැඩි හානි සිදුව ඇති අතර එහි සිටි කිසිවෙකුටත් හානි සිදු වී නොමැත.
දිවයින පුරා බලපැවැත්වෙන අයහපත් කාලගුණය නිසා ප්‍රදේශ රැසකටම නායයෑම් අවදානම් නිවේදන ද නිකුත් කර තිබේ.
අද දිනයේ ද ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
241 Views
Comments