සටන් විරාමය මැද සුඩානයේ තවමත් ගැටුම්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
22

සටන් විරාමය මැද සුඩානයේ තවමත් ගැටුම්

සටන් විරාමය මැද සුඩානයේ තවමත් ගැටුම්

සුඩානයේ හමුදා රජය සහ ආර්. එස්. එෆ්. හමුදා බලකාය අතර පැය 72 ක සටන් විරාමයක් ආරම්භ වී ඇතත්, තවමත් තැනින් තැන ගැටුම් පවතින බව විදෙස් වාර්තා පවසා සිටී.

 

පසුගිය සතියේ ආරම්භ වූ ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන් 400 කට අධික පිරිසක් මිය ගොස් ඇති බවත්, 3500 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත් වාර්තා වේ.

 

මේ අතර දහස් ගණනක පිරිසක් රටින් පලා ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා වලට අනුව සඳහන් වන අතර සුඩාන ජනතාවට කඩිනමින් සහන ලබාදිය යුතු බව එම සංවිධාන වැඩිදුරටත් පවසා සිටී.

 

views

278 Views

Comments

arrow-up