පෙරහැරේ ගිනිබෝල කැරකු පාසල් සිසුවා විදුලි සැර වැදී මියයයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
23

පෙරහැරේ ගිනිබෝල කැරකු පාසල් සිසුවා විදුලි සැර වැදී මියයයි

පෙරහැරේ ගිනිබෝල කැරකු පාසල් සිසුවා විදුලි සැර වැදී මියයයි

දොඩම්ගොඩ විහාරස්ථානයක පැවති කඨින පෙරහැරක ගිනිබෝල කරකවමින් සිටි පාසල් සිසුවෙකු විදුලි සැර වැදීමෙන් මියගොස් තිබේ.

 

විදුලි සැර වැදීමෙන් තවත් තරුණයින් දෙදෙනෙක් තුවාල ලබා ඇතැයි පොලීසිය සඳහන් කරයි.

 

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මිරිස්වත්ත ජාතික පාසලේ ඉගෙනුම ලැබූ දොඩම්ගොඩ හර්මන් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි ගිහාන් කවිඳු වික්‍රමරත්න නම් සිසුවායි.

 

දේවාලයේ සිට තාවකාලිකව බට පඳුරක් වෙත ඇද තිබූ විදුලි වයරයක ගිනිබෝල කැරකවීමට යොදාගන්නා යකඩින් තැනූ වළල්ල ගැටීම්ත් සමඟ සිසුවාට විදුලි සැර වැදී බිම ඇද වැටී ඇත.

 

එහිදී වහාම ක්‍රියාත්මක වූ ගිනිබෝල කරකවමින් සිටි තවත් තරුණයින් දෙනෙක් ඔහුව බේරා ගැනීමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේ ඔවුන් දෙදෙනා ද තුවාල ලබා ඇත.

 

පසුව සුවසැරිය ගිලන්රථ සේවයේ සෞඛ්‍ය සේවකයින් පැමිණ විදුලි සැර වැදුනු සිසුවාට කෘත්‍රීම ස්වසනය ලබාදී කළුතර මහ රෝහල වෙත ඇතුළත් කළ ද ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇතැයි වාර්තා වේ.

 

 

views

223 Views

Comments

arrow-up