චීනයට තොරතුරු දුන්නාට ඇමෙරිකානු නාවික සෙබලුන් දෙදෙනෙකු  අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
04

චීනයට තොරතුරු දුන්නාට ඇමෙරිකානු නාවික සෙබලුන් දෙදෙනෙකු  අත්අඩංගුවට

චීනයට තොරතුරු දුන්නාට ඇමෙරිකානු නාවික සෙබලුන් දෙදෙනෙකු  අත්අඩංගුවට

ඇමෙරිකා නාවික සෙබලුන් දෙදෙනෙකු  චීනයට සංවේදී තොරතුරු ලබා දුන් බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

වාර්තා වන්නේ මෙම නාවික සෙබලුන් දෙදෙනා චීන සම්භවයක් සහිත අය බවයි.

 

 

මෙලෙස ඇමෙරිකා ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව සිටින්නේ විසිදෙහැවිරිදි ජින්කෝවෙයි සහ විසිහය හැවිරිදි වෙන්හෙන් ෂාවෝ වේ.

 

 

ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට අදාළ තොරතුරු චීන ඒජන්සියකට ලබා දීමේ චෝදනා මත ජින්කෝ වෙයි අත්අඩංගුවට ගෙන ඇත.

 

 

ඔහු අත්අඩංගුවට පත් වුණේ සැන්දියාගෝහි නාවික මූලස්ථානයේ රාජකාරි සඳහා යමින් සිටියදීයි.

 

 

සංවේදී දර්ශන හා පින්තූර චීනයට ලබාදීමේ චෝදනාව මත වෙන්හෙන් ෂාවෝ නමැති නාවික සෙබලා අත්අඩංගුවට ගෙන ඇත.

 

 

කෙසේ වෙතත් වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලය මෙලෙස තොරතුරු ලබා ගත් බවට වන චෝදනාව ප්‍රතික්ෂේප කර සිටිනවා.

 

 

views

258 Views

Comments

arrow-up