රෝහල්වලින් ලංවිමට පොලු තිබ්බත් ලයිට් කපන්නෑලු

කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයිනේ රෝහල් රැසකට විදුලි බිල් නොගෙවීම සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කළද විදුලිය විසන්ධි නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
කොළඹ ජාතික රෝහල පමණක් විදුලි ගාස්තු හිඟ මුදල ලෙස රුපියල් මිලියන 339 කට ආසන්න මුදලක් ගෙවීමට ඇතැයිද එම මණ්ඩලය සදහන් කරයි.
දිවයින පුරා පිහිටි රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතනවලින්,විදුලි බිල්පත් සඳහා රුපියල් මිලියන 2200කට ආසන්න මුදලක් අය වීමට ඇත.
මෙම රෝහල් ඇතුළු අදාළ ආයතන වලට දැනුම් දීම් සිදු කර ඇති බවත්අදාළ හිඟ මුදල්, සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ලංකා විදුලිබල මණ්ඩලයට සෘජුවම ගෙවා දමන ලෙස ඔවුන්ට දැනුම් දී ඇති බවද ඔහු කියාසිටි.
215 Views
Comments