හිමි නමක් සිය සිරුරට ගිනි තබාගෙන අපවත් වී ඇත
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
21

හිමි නමක් සිය සිරුරට ගිනි තබාගෙන අපවත් වී ඇත

හිමි නමක් සිය සිරුරට ගිනි තබාගෙන අපවත් වී ඇත

පොලීසිය විසින් නවගමුව ප්‍රදේශයේ අසපුවක වැඩ වාසය කළ හිමි නමකගේ අපවත් වීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

 

 

නවගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට පසුගිය 20 වනදා හිමි නම සිය සිරුරට ගිනි තබාගෙන අපවත් වී ඇති බවට ලද තොරතුරකට අනුව එම ස්ථානය වෙත ගොස් ඇත.

 

 

 

එම ස්ථානය වෙත ගොස් පොලීසිය පවසන්නේ, කඩුවෙල මහෙස්ත්‍රාත්, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පරීක්ෂණ කටයුතු සිදුකර ඇත.

 

 

එම හිමිනම ගිනි තබාගැනීම හේතුවෙන් අපවත් වී ඇති බවට මේ වනවිට සිදුකර ඇති පරීක්ෂණවලට අනුව පොලීසිය සැක පළ කරයි.

 

 

මෙලෙස අපවත් වී ඇති 81 හැවිරිදි හිමිනම විසින් චිතකයක් සාදවා එහි සිට මෙලෙස සිය සිරුරට ගිනි තබාගෙන ඇති බව වැඩිදුර ආරංචි මාර්ග සඳහන් කරයි.

 

 

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නවගමුව පොලීසිය ආරම්භ කර ඇත.

 

 

views

356 Views

Comments

arrow-up