බොරැල්ලේ සංස්කෘතික මධ්‍යස්ථානයකින් ලක්ෂ 60 ක හෙරොයින් මතුවේ.

බොරැල්ල සර්පන්ටයින් නිවාස සංකීරණය ආසන්නයේ පිහිටි දැනට අතහැර දමා ඇති සංස්කෘතික මධ්‍යස්ථානයක සිවිලිමක් ආසන්නයේ සඟවා තබා තිබූ රුපියල් ලක්ෂ 60 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 600 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයා ගෙන තිබේ.
එහි කවුලුවක සඟවා මෙම හෙරොයින් සඟවා සිට ඇති අතර කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් මෙතෙක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන නොමැති බවද පොලිසිය සදහන් කරයි.
මෙම සංස්කෘතික මධ්‍යස්ථානය දැනට භාවිතා නොකරන අතර පොලිසිය සැකපල කරන්නේ මහ පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවන් මෙය තිත්පොළක් ලෙස භාවිත කොට ඇති බවයි.
මෙම හෙරොයින් ඉදිරි විමර්ශන සදහා බොරැල්ල පොලිසිය වෙත භාර දී තිබේ.
348 Views
Comments