නුවරඑළිය මීදුමෙන් වැසේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
28

නුවරඑළිය මීදුමෙන් වැසේ

නුවරඑළිය මීදුමෙන් වැසේ

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට පවතින දැඩි මීදුම් තත්ත්වය හේතුවෙන් රථ වාහන අනතුරු ඇතිවීමේ අවදානමක් පවතින බව හැටන් පොලිසිය සදහන් කරයි.

 

 

ඒ අනුව, විශේෂයෙන් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩවල, කැරලයිනා, දියගල, වටවල, යන ප්‍රදේශවල මෙන් ම හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ පතන, ලිඳුල, රදැල්ල, නානුඔය යන ප්‍රදේශවල මාර්ගනොපෙනී යන තත්ත්වයක් පවතින බවද පොලිසිය කියාසිටි.

 

 

මෙම තත්ත්වය මත අනතුරු ඇති වීම මගහරවා ගැනීමට අදාළ මාර්ගවල රථ වාහන ධාවනය ඉතා කල්පනාකාරීව සිදු කරන ලෙස ත් රථ වාහනවල ඉදිරිපස ලාම්පු දල්වා ඒවා ධාවනය කරන ලෙසත් පොලිසිය  රියැදුරන්ගෙන් ඉල්ලා සිටි.

views

223 Views

Comments

arrow-up