QR ක්‍රමයට තෙල් ගහන වාහන සංඛ්‍යාව ගැන ඔබ දැනුවත් ද?

මෙරට මුහුණදුන් දැවැන්ත ඉන්ධන අර්බුදය මැද හදුන්වා දුන් ජාතික ඉන්ධන අවසර පත්‍රය හෙවත් QR ක්‍රමවේදයට වසරක් තුළ වාහන ගණන 6,527,684 ක් ලියාපදිංචි වී තිබේ.
මෙය හඳුන්වා දී පළමු පැය 24 ගෙවෙන්නට පෙර වාහන 1,000,000ක් ලියාපදිංචි වූ අතර අතර රටේ සෑම වාහන හිමියකුටම නිශ්චිත ඉන්ධන ප්‍රමාණයක් ලබාදීමේ අරමුණින් ජාතික ඉන්ධන අවසර පතය හදුන්වා දීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කටයුතු කළේය.
අවස්ථා කිහිපයකදී මේ හරහා ඉන්ධන ලබා ගැනීමේ ප්‍රමාණය වැඩිකර අතර එසේම මෙම ක්‍රමවේදයෙන් පරිබාහිරව ක්‍රියාකළ ඉන්ධන හල් වලට නෛතික ක්‍රියාමාර්ග ගැනීමටද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කළේය.
224 Views
Comments