ඉදිරියේදී නිරිත දිග මෝසම සක්‍රීය වේ.
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
14

ඉදිරියේදී නිරිත දිග මෝසම සක්‍රීය වේ.

ඉදිරියේදී නිරිත දිග මෝසම සක්‍රීය වේ.

ඉදිරියේ දී නිරිත දිග මෝසම් සක්‍රීය වීමත් සමග දිවයිනට බලපෑ හැකි ආපදා හානි අවම කර ගැනීම සඳහා පූර්ව සූදානම් කටයුතු පිළිබඳව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම හා සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩසටහනක් ආපදා කළමනාකරණ මධ්‍යසථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් (විශ්‍රාම ) මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම මධ්‍යස්ථානයේ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.



මැයි මස අවසන් සතිය වන විට නිරිත දිග මෝසම් සක්‍රීය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි. මෝසම් වර්ෂාව නිසා ඇතිවියහැකි ආපදා හේතුවෙන් සිදුවිය හැකි හානිය අවම කර ගැනීම සදහා පාර්ශවකාර ආයතනවල පුර්ව සුදානම සොයා බැලීම සහ ඇතිවිය හැකි ආපදා අවදානම හැකිතාක් දුරට අවම කරලීම සදහා අවශ්‍යය කටයුතු සූදානම් කිරීම මෙම වැඩසටහ‍නේ මූලික අරමුණ විය.


මෙහිදී ඇති විය හැකි ආපදාවන් හා ඒ සඳහා මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව අදාල ආයතන හා පාර්ශවයන් දැනුවත් කළ අතර අදාල ආපදා තත්ත්වයසඳහා පූර්ව සූදානමින් සිට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමෙහි වැදගත්කම පිළිබඳව ද සාකච්ඡා විය.


විශේෂයෙන්ම නිරිත දිග මෝසම් ආපදා අවදානම් දිස්ත්‍රික්කවල ආපදා අවදානම් සඳහා හේතුවන කරුණු පිළිබද සොයා බලා ඒවා නිවැරදි කර ගැනීමටමෙවර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අවධානය යොමු කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙන ලදී.


වර්තමානය වන විට රට පුරා ඩෙංගු අවදානමක් පැතිර යම්න් පවතින බවත් ඒ නිසා මෝසම් වර්ෂාව සමග මෙම තත්වය තවදුරටත් වර්ධනය වීමේඅවධානයමක් පවතින බැවින් තමා ජීවත්වන වටපිටාව පිළිබදව වැඩි අවධානයක් යොමු කළ යුතු බව ඩෙංගු මර්ධන ඒකකය වෙනුවෙන් මේ අවස්ථාවට සහභාගී වු වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු මහතා පැවසීය.


ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා රාජ්‍ය ආයතන රැසක නිලධාරින් සම්බන්ධ වූ අතර ත්‍රිවිධ හමුදා‚ රාජ්‍යනොවන ආයතන හා පෞද්ගලික අංශය නියෝජනය කරමින් ආයතන රැසක නිලධාරීන් සහභාගී විය.

views

198 Views

Comments

arrow-up