කුඩු අංජු ලංකාවට කැන්දාගෙන එන්න නීතිපතිගෙන් උපදෙස්

ප්‍රංශයේ දී අත්අඩංගුවට පත්ව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන සිංහාර අමල් සමින්ද සිල්වා හෙවත් කුඩු අංජු මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් දෙපාර්තමේන්තුව කියයි.
ඔහු සම්බන්ධයෙන් මේ වන විටත් නීතිපතිවරයාගෙන් කරුණු විමසා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සදහන් කළේය.
මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මනුෂ්‍ය ඝාතන රැසක සැකකරුවෙකු ලෙස සැලකෙන, ජාත්‍යන්තර පොලිසියේ රතු රතු වරෙන්තුකරුවෙකු ද වන කුඩු අංජු පසුගිය බදාදා දිනයේ ප්‍රංශයේ දී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, එම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නිල වශයෙන් ශ්‍රී ලංකා රජයට දැනුම් දෙන ලදී.
250 Views
Comments