අද කොළඹ පෙළපාලි බෑ - පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව කියයි

කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් විරෝධතා කිහිපයක් අද (20) පවත්වන බවට පොලීසියට තොරතුරු ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
මාර්ගයේ ගමන් ගන්නා ජනතාවට හෝ පොදු දේපළවලට යම් හානියක් හෝ අවහිරයක් සිදුවන්නේ නම් අදාල විරෝධතා පෙළපාලිවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
යම් පිරිසක් පවතින නීතියට එරෙහිව කටයුතු කරන්නේ නම්, එයට එරෙහිව කටයුතු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
"විශේෂයෙන් අපි කියන්නේ පෙළපාලි පවත්වන්න එපා කියන දේ කාරණය. එවැනි තත්ත්වයක් ඇති වුවහොත් පෙළපාලියක් හෝ යම්කිසි දෙයක් ඒ සඳහා අදාළ ක්‍රියාමාර්ග ගැනීමට පොලීස් නිලධාරීන් කටයුතු කරනු ඇත. පොලිස් නිලධාරීන් ඒ සඳහා සුදානමින් ඉන්නවා. පවතින නීතිය යටතේ පොලිස් නිලධාරීන් කටයුතු කරන්නේ. නීත්‍යානුකූලව කටයුතු කරන්න අවශ්‍ය උපදෙස් අපි නිලධාරීන්ට ලබාදීලා තියෙනවා."
ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
240 Views
Comments