FEB
13
මාලියද්දේ ගංජා හේන් දෙකක් වටලයි - දෙදෙනෙක් දැලේ

කන්දකැටිය පොලිසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (12) ගංජා හේන් වැටලීමක් සිදු කර තිබේ.
කන්දකැටිය මාලියද්ද ප්‍රදේශයේ දී, බඩ ඉරිඟු වගාවක් තුළ ඉතා සූක්ෂමව වගා කර තිබූ ගංජා හේන් දෙකක් වටලා ගංජා පැළ 149 ක් හා මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙකු ද, ගංජා පැළ විසිහතරක්, වියළි ගංජා ග්‍රෑම් සීයක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ද සමග තවත් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
මාලියද්ද කන්දකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් අද (13) දින මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කන්දකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ඇත.
228 Views
Comments