රොෂාන් වන්නිනායක ඝාතනය | UPDATE

ඝාතනයට ලක් වූ සුප්‍රකට ව්‍යාපාරික රොෂාන් වන්නිනායක මහතාගේ මළ සිරුර පිළිබඳ DNA පරීක්ෂණය අද දින පැවැත්වීමට නියමිතය.
ඊයේ (05) පස්වරුවේ මෙම ඝාතනයට සම්බන්ධ සැකකාර යුවළ අත් අඩංගුවට ගැණුනු අතර, එලෙස අත්අඩංගුවට ගැණුනේ වයස අවුරුදු 27ක සැකකරුවෙකු සහ අවුරුදු 23ක සැකකාරියකි.ඔවුන් ගොතටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වෙයි.
ඝාතකයින් දිවයිනෙන් බැහැරව ගොස් ඇති බවට මීට පෙර සැකකෙරුණත් පසුව අනාවරණ වී තිබුණේ ඔවුන්ගේ එම විදෙස්ගත වීමේ ප්‍රයත්නය අසාර්ථක වී ඇති බවය.
සැකකරුවන් දෙදෙනා අද දින කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර ඔවුන්ව දින දෙකක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝගයක් ලබාගෙන ඇතැයි පොලිසිය සඳහන් කළේය.
307 Views
Comments